ඊයේ (30) දිනයේ නැවතත් කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 4,500 සීමාව ඉක්මවා ගියා.

ඒ අනුව ඊයේ දිනයේ ආසාදිතයන් 4,562 ක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වුණා. දැනට මෙරටින් හමුවී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 436,081 ක්.

ඒ අතරින් 371,992 දෙනෙක් සුවය ලබා පිටව ගොස් තිබෙන අතර දැනට රෝහල් ගතව සිටින සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 55,098 ක් වනවා.

පසුගිය 29 වන දිනයේ තවත් කොරෝනා මරණ 216 ක් වාර්තා වූ අතර ඒ සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 8,991 දක්වා ඉහළ ගියා. (මූලාශ්‍ර – සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය)

By admin

Leave a Reply

Your email address will not be published.