කොළඹ, ගම්පහ, කළුතර සහ ගාල්ල යන දිස්ත්‍රික්කවල අවුරුදු 20ත් 29ත් අතර වයස්වල පසුවන තරුණ තරුණියන්ට කොරෝනා මර්දන එන්නත් ලබාදීම අද (06) ආරම්භ කෙරෙනවා.
ඒ අනුව සයිනොෆාම් එන්නත, එම දිස්ත්‍රික්කවල දැනට එන්නත්කරණය සිදු කෙරෙන ස්ථානවලදී ම ලබා දෙන අතර මෙම වැඩසටහන යටතේ එන්නත් ලබාදීම සිදු කරන්නේ අදාළ දිස්ත්‍රික්කවල පදිංචිකරුවන්ට පමණ යි.
කොළඹ දිස්ත්‍රික්කයේ දැනට එන්නත් ලබාදෙන මධ්‍යස්ථානවලට අමතර ව විහාරමහා දේවි උද්‍යානය, දියත උයන, පනාගොඩ යුද හමුදා කඳවුර සහ වේරහැර යුද හමුදා වෛද්‍ය බලකා මූලස්ථානයේ දී මෙම පිරිස සඳහා එන්නත් ලබාදීමට සැලසුම් කර තිබෙනවා.