කොවිඩ් 19 රෝග මර්දන තාක්ෂණික කමිටුවෙන් IDH රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඉල්ලා අස්වී තිබෙනවා.
සිය ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම විසින් සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා සහ අදාළ බලධාරීන් දැනුවත් කර ඇති බවයි වාර්තා වන්නේ.
කොරෝනා මර්දනයට රජය ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ සෑහීමට පත් නොවන බැවින් විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වනවා.