රජය විසින් ඊයේ(06) පාර්ලිමේන්තුවේදී සම්මත කරගත් අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා වන හදිසි නීතිය පිළිබඳව විවිධ මතවාද කරලියට පැමිණියා.

ඒ අතරින් ඊයේ පාර්ලිමේන්තුවේදී සමගි ජන බලවේගයේ මන්ත්‍රී මරික්කාර් පවසා සිටියේ මේ හරහා මාධ්‍ය හා පවතින උද්ඝෝෂණ ව්‍යාපාර මර්ධනයක්ද සිදු කරන බවයි.

මේ පිළිබඳව අද පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී විමසීමක් කළා.

ඊට පිළිතුරු ලබා දෙමෙඉන් අමාත්‍ය රමේෂ් පතිරණ සඳහන් කලේ, මෙය හුදෙක් රටේ වර්තමාන තත්වය සැලකිල්ලට ගෙන ක්‍රියාත්මක කරන බවත් ඒ ඔස්සේ කිසිඳු මාධ්‍ය මර්ධනයක් හෝ විරෝධතා මර්ධනයක් සිදු නොකරන බවයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *