ICC ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයේ නවතම ප්‍රසාද ලකුණු සටහනට අනුව ශ්‍රී ලංකාව 5 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.
දකුණු අප්‍රිකාව සමග පැවැති තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ අවසන් තරගයෙන් ලැබූ ලකුණු 78ක ජයත් සමගින් මෙලෙස 5 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.
මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම සුපර් ලීගය යටතේ තරග 15කට ක්‍රීඩා කර ඉන් තරග 4ක් ජය ගත් අතර තරග 10 ක් පරාජයට පත්වී එක් තරගයක් අතහැර දැමුණා.
ඒ අනුව ශ්‍රී ලංකාව හිමි කර ගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 42ක්.