ශ්‍රී ලංකාව වෙත ආනයනය කරනු ලබන අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 623 ක් ආනයනය කිරීමේදී සියයට සියයක මුදල් තැන්පතුවක් (අමෙරිකානු ඩොලර්වලින්) සිදු කිරීමේ අවශ්‍යතා පනවා ඇති බව මහ බැංකුව නිවේදනය කරනවා.

ජංගම දුරකථන, රූපවාහිනී, ඔරලෝසු, ශීතකරණ, රබර් ටයර්, පළතුරු, වායුසමීකරණ, බීම සහ ආලේපන ඇතුළු භාණ්ඩ 623 ක් මෙයට ඇතුළත් වන බවයි වාර්තා වන්නේ.

විනිමය අනුපාතයේ ස්ථායිතාව සහ බැංකු පද්ධතිය තුළ පවතින විනිමය ද්‍රවශීලතාවය ආරක්‍ෂා කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බව සඳහන්.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *