කොළඹ, නාරහේන්පිට ලංකා රෝහල් පරිශ්‍රයේ තිබී ඊයේ (15) දිනයේ අත්බෝම්බයක් සොයා ගෙන තිබුණා.

මෙම අත්බෝම්බය පිළිබඳව කරන ලද පොලිස් පරික්ෂණවලදී හෙළිවී තිබෙන්නේ එම බෝම්බයේ ආරක්ෂිත ඇණය ගලවා එයට දැල්වූ මදුරු දඟරයක් සවි කර පුපුරා යන ලෙස සකසා තිබුණු බවයි.

රෝහලේ වැසිකිළියක් තුළ තබා තිබූ මෙම අත්බෝම්බය ඔහු විසින් එම ස්ථානයෙන් ඉවත් කොට රෝහල් පරිශ්‍රයේ ඇති ගරාජයක් වෙත රැගෙන ගොස් තිබුණා.

නාරහේන්පිට පොලීසිය මේ බව දැනුම් දීමත් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිෂ්ක්‍රිය අංශයද එම ස්ථානය වෙත කැඳවා තිබෙනවා.

බෝම්බ නිෂ්ක්‍රීය අංශය විසින් අදාළ අත්බෝම්බය පරික්ෂා කර බලා ඇති අතර එහිදී හෙළිවී තිබුණේ එම අත්බෝම්බය සක්‍රීය මට්ටමේ ඇති එකක් නොවන එකක් බවයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *