කවුරුන් කෙසේ කීවද සති හතරක නිරෝධායන ඇඳිරිනීතිය මගින් කොවිඩ් ව්‍යාප්තිය සාර්ථක ලෙස පාලනය වෙමින් ඇති බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ පවසනවා.
ආසාදිතයින් සහ කොවිඩ් මරණ වාර්තා වීම පහළ යන ස්වභාවයක් පෙන්නුම් කරන බව ඇය සඳහන් කළා.
මේ හේතුවෙන් නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති ලබන 21වැනි දාට පසු සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුගත වෙමින් රට ක්‍රමානුකූලව විවෘත කළ හැකිවනු ඇතැයි ඇය සඳහන් කළා.