2021 අප්‍රේල් මස අවසානයේ කොවිඩ්-19 වසංගතයේ තුන්වන රැල්ල ආරම්භ වන තුරු ශ්‍රී ලංකා ආර්ථිකය 2020 වසරේ දෙවන කාර්තුව හා සසඳන විට 2021 වසරේ දෙවන කාර්තුවේ දී සතුටුදායක මට්ටමක පැවතිණි. කොවිඩ්-19 වසංගතය සඳහා වූ යම් යම් සෞඛ්‍ය අනතුරු ඇඟවීම් සහ පූරුවාරක්ෂාවන් යටතේ වුව ද, පසුගය වසරේ දී මෙන් නොව, මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය සැමරීමට ශ්‍රී ලාංකික ප්‍රජාවට හැකිවිය.

ව්‍යාපාරික කටයුතු සීමා කිරීම, සංචරණ සීමා, සෞඛ්‍ය පූර්වාරක්ෂක විධි වැනි දීර්ඝ සීමා පැනවීමකින් පසු සමාජයේ බොහෝ පිරිසක් මෙම සහනය මහත්සේ භුක්ති වින්දහ. මෙහි ප්‍රතිඵලයක් ලෙස, විශේෂයෙන් අප්‍රේල් මාසයේ දී, මෙම සාමකාමී පරිසරය, විදේශ සංචාරකයින් පැමිණීම හා සම්බන්ධ ව්‍යාපාර හා විනෝදාස්වාද ආශ්‍රිත ව්‍යාපාර හා සංස්කෘතික කටයුතු වැනි ඉතා සුළු ප්‍රමාණයක් හැර බොහෝ ව්‍යාපාර කටයුතු හොඳින් කර ගෙන යාමට සතුටුදායක ලෙස බලපෑවේය.

මේ සම්බන්ධයෙන් ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *