නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ වැසිකිළියකින් සොයාගත් අත් බෝම්බය හිටපු ඇමතිවරයෙකුගේ නිල නිවසකින් සොරාගත් එකක් බව කොළඹ අපරාධ මර්දන කොට්ඨාසය (CCD) හෙළිකර ගෙන තිබේ.
සැකකරුගෙන් ලද තොරතුරු සනාථ කර ගැනීමට අදාළ නිල නිවස පරීක්ෂා කර ඇතත් දැන් එහි සිටින්නේ වෙනත් ඇමතිවරයෙකි.

බෝම්බය සොරා ගන්නා විට එහි සිටි ඇමතිවරයා, ළඟදී අභාවප්‍රාප්ත වූ බව සඳහන් වේ.

කොළඹ අපරාධ මර්දන කොට්ඨාසය පවසන්නේ, සැකකරු සමග මහව ප්‍රදේශයට ගොස් නිවසක් පිටුපස වල දමා තිබූ පුහුණුවීම්වලට ගන්නා පතොරම් 15ක් ,9mm වර්ගයේ පිස්තෝලයට භාවිත කරන උණ්ඩ 5ක් සහ රිවෝල්වර සඳහා භාවිත කරන පතුරම් 10ක් සොයාගත් බවය.

එම පතොරම් රැගෙන ඇවිත් තිබෙන්නේ, මෙම සැකකරු සමග සිටි අනෙක් සගයායි.

සැකකරුවන් දෙදෙනා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන තබාගෙන ප්‍රශ්න කෙරේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *