රන්ජන් රාමනායක ගේ සිරදඬුවම ලිහිල් කිරීමක් සිදු කරනවාද නැද්ද යන්න අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී විමසීමක් කළා.
එහිදී ඊට පිළිතුරු ලබාදෙමින් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම දැක්වුවේ මෙවන් අදහසක්.
” මගේ පෞද්ගලික මතය රන්ජන් වැරද්දක් කළා.එකට එයට දඬුවමක් ලැබුනා. ඒ තමයි ඔහුගේ මන්ත්‍රීධුරය අහෝසි වීම. ඒක පුද්ගලයෙකුට ලැබෙන්න පුලුවන් විශාල දඬුවමක්.මට දැනෙන විදිහට රන්ජන්ට මේවගේ දඬුවම් දෙකක් දීම බරපතල වැඩියි.අපි කවුරුවත් ද්වේශසහගතව ඔහු දිහා බලන්නේ නැහැ. අපි ලබමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා”