පසුගිය 14 වනදා නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ වැසිකිළියක් තුල තිබී ජීව අත් බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධියට අදාලව තවත් සැකකරුවෙක් ඊයේ (24) අත්අඩංගුවට ගත බව පොලීසිය සඳහන් කරනවා.
මෙහි ප්‍රධාන සැකකරු විසින් සිදුකළ අනාවරණය කිරීමකින් අනතුරුව අදාල 22 හැවිරිදි සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොහු මෙම සිද්ධියට අදාල ප්‍රධාන සැකකරුට බෝම්බය සකස් කිරීම සඳහා උදව් උපකාර කර ඇති බවට සැකකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසා සිටියේ.