ඊයේ (24) දිනයේ නැවතත් දෛනික කොරෝනා ආසාදිතයන් 1000 සීමාව ඉක්මවා ගියා.
ඊයේ දේශීයව ආසාදිතයන් 1,332 ක් හඳුනාගත් අතර විදෙස් රටවල සිට පැමිණි ආසාදිතයන් ඊයේ වාර්තා වූයේ නැහැ.
මේ වන විට මෙරට සමස්ත ආසාදිතයන් 511,372 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
පසුගිය 23වන දා කොරෝනා මරණ 82 ක් වාර්තා වූ අතර ඒ සමඟින් මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 12,530 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.