ඇෆ්ගන් ජනතාවට විවිධ මෝස්තරවලට අනුව කොණ්ඩය සහ රැවුල කැපීම තලෙබාන් සංවිධානය විසින් තහනම් කර ඇතැයි BBC පුවත් සේවය වාර්තා කරයි.
මේ අනුව මෙම තහනමට ලක්ව ඇත්තේ , ඇෆ්ගනිස්තානයේ හෙල්මන්ඩ් (Helmand) ප්‍රාන්තයේ ජනතාව යි.
BBC පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කරන්නේ , ඉස්ලාමීය නීතිය පිළිබඳ ඔවුන්ගේ අර්ථ නිරූපණය උල්ලංඝණය කරන බව පවසමින් මෙම පනවා ඇති බවයි.
මෙම නීතිය උල්ලංඝණය කරන ඕනෑම පුද්ගලයෙකුට දඬුවම් ලබාදෙන බව තලෙබාන් සංවිධානය දැනුම් දී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.