ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව ඉදිරි මාසයක් සඳහා ඉන්ධන සංචිතයක් රට තුළ ඇති බවත් ඉදිරි මාස කීපයක සඳහා ඉන්ධන මිලදී ගැනීමට විදේශ සැපයුම්කරුවන් සමඟ ගිවිසුම්ගතව ඇති බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥා සුමිත් විජේසිංහ ප්‍රකාශ කර සිටිනවා.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව තිබෙන ගබඩා පහසුකම්වල ධාරිතාවට ඉන්ධන සංචිතය පවත්වා ගැනීම සාමාන්‍ය තත්වය බවත් නිරෝධායන ඇඳිරිනීතියත් සමඟ ඉන්ධන පරිභෝජනය පහත වැටීම නිසා රට තුළ තිබෙන ඉන්ධන ප්‍රමාණය තවත් වැඩි විය හැකි බවත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සඳහන් කර සිටියේ.

රට තුළ කිසිඳු ඉන්ධන හිඟයක් නොමැති බව සඳහන් කළ සුමිත් විජේසිංහ මහතා ඉදිරියේදී ද එවැන්නක් උද්ගත නොවන බව ද සඳහන් කර සිටියා

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *