ඔක්තොම්බර් පළමුවැනිදා රට විවෘත කළ පසු රාජ්‍ය ආයතන සහ ප්‍රවාහන සේවා පවත්වාගෙන යනු ලබන ක්‍රමවේද සකස් කිරීම සඳහා කොවිඩ් කාර්ය සාධක බළකාය විසින් අදාළ අංශ වෙත උපදෙස් ලබාදී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
රට විවෘත කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අවසන් තීරණය ඉදිරියේදී ගැනීමට නියමිත බවත් එම තීරණය ඉදිරි දින 02-03 තුලදී දැන ගැනීමට හැකිවනු ඇති බවයි යුද හමුදාපතිවරයා පැවසුවේ.
මේ වන විට දිනකට කොවිඩ් ආසාදිතයින් 1000කට අඩු සංඛ්‍යාවක් සහ මරණ සංඛ්‍යාව 50-75ත් අතර ප්‍රමාණයක පවතින බවයි යුද හමුදාපතිවරයා පැවසුවේ.