ලංකා ප්‍රිමියර් ලීග් හෙවත් LPL තරගාවලියේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය ලයිකා සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය අලයිරාජා සුභාෂ්කරන්ට හිමිව තිඛෙනවා.
LPL තරගාවලියේ දෙවන අදියර ලබන දෙසැම්බර් මස 4 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.
ඊට යාපනය, දඹුල්ල, කොළඹ, මහනුවර සහ ගාල්ල කේන්ද්‍රකරගනිමින් කණ්ඩායම් 5 ක් තරග වදිනු ඇති.
එල්.පී.එල් තරගාවලියට විදෙස් ක්‍රීඩකයන් ලියාපදිංචි කරගැනීම පසුගිය 24 වැනිදා ආරම්භ වූ අතර එය ඔක්තෝබර් 05 වැනිදා දක්වා ක්‍රියාත්මක වීමට නියමිතයි.
ඒ අනුව එක් කණ්ඩායමකට ක්‍රීඩකයින් 20 දෙනෙකු එක්වන අතර විදෙස් ක්‍රීඩකයින් 6 ක් ක්‍රීඩක වෙන්දේසියේදී කණ්ඩායම් විසින් මිලදී ගැනීමට නියමිතව තිඛෙනවා.