පාස්කු ඉරුදින එල්ලකළ ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට සම්බන්ධ විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව අද (04) මුල්වරට කැඳවා තිබේ.

ඒ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේය.

කිතුණු දේවස්ථාන හා සංචාරක හෝටල් ඉලක්ක කරගනිමින් 2019 වසරේදී එම ත්‍රස්ත ප්‍රහාර එල්ල විය.

අදාළ ප්‍රහාරයට සැකපිට බන්ධනාගාරගතව සිටින අදාළ නඩුවේ විත්තිකරුවන් වෙත සිතාසි නිකුත් කිරීමට පසුගියදා නියෝග කර තිබුණි.

ඒ අනුව විත්තිකරුවන්ට එරෙහිව ගොනුකර තිබෙන අධිචෝදනා පත්‍ර ද අද බාරදුනි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *