විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් හෙට දිනයේ පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වනවා.
හෙට පස්වරු 05ට මෙම අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ.
මෙම අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සිමෙන්ති, කිරිපිටි සහ ගෑස් මිල ඉහළ නැංවීමට අදාළ යෝජනා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතයි.