වාහන ආදායම් බලපත්ර නිකුත් කරනු ලබන පරිගණක පද්ධතිය වරින් වර බිඳවැටීම හේතුවෙන් බස්නාහිර පළාතේ කල් ඉකුත් වන වාහන ආදායම් බලපත්ර ලබාගැනීම සඳහා සහන කාලයක් ලබාදී තිබෙනවා.
ඒ අනුව, ලබන 12 වනදා සිට 31 වනදා දක්වා කල් ඉකුත් වන වාහන ආදායම් බලපත්ර සඳහා නොවැම්බර් මස 30 වනදා දක්වා දඩ අය කිරීමකින් තොරව ආදායම් බලපත්ර නිකුත් කිරීම සිදු කරන බව බස්නාහිර පළාත් ප්රධාන ලේකම් ජේ. එම්. සී ජයන්ති විජේතුංගු සඳහන් කරනවා.