ජාතික සවි එසවීමේ තරඟාවලිය පසුගිය සති අන්තයේදී පැවැත්වුණා.

එහිදී 105 kg බරපන්තිය යටතේ තරඟ කළ උවිඳු ජයසිංහ ශ්‍රී ලංකා වාර්තා රැසක් පිහිටුවීමට සමත් වුණා.

ඒ අනුව Bench press ඉසව්වෙන් 157.5kg ක බර ඔසවමින් නව වාර්තාවක් තැබීමට ඔහු සමත් වුණා.

එමෙන්ම Deadlift ඉසව්වෙන් 290kg ක බර ඔසවමින් නව ජාතික වාර්තාවක් ඔහු පිහිටවූ අතර එය ශ්‍රී ලංකාවේ දෙවන ස්ථානයට හිමි වැඩිම බර එසවීම ලෙසයි සටහන් වන්නේ.

ඒ අනුව සමස්ත තරඟාවලියේ 707.7kg ක් බර එස වූ ඔහු මෙරට 105 kg බරපන්තිය යටතේ 700 kg සීමාව පසු කල 4 වැනි ක්‍රීඩකයා බවටද වාර්තා අතරට එකතු වනවා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *