අබලන් දුම්රිය මැදිරි ධාවනයට එක්කිරීම හා අනාරක්ෂිත දුම්රිය සංඥා පද්ධතියක් සවිකර තිබීමට විරෝධය පළ කරමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ (13 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට පැය 24 ක කාලයක් මරදාන දුම්රිය පණිවුඩ හුවමාරු මධ්‍යස්ථානයේ රාජකාරිවලින් ඉවත් වී තිබේ.

මේ හේතුවෙන් අද (14 වැනිදා) දුම්රිය ප්‍රමාදයන්වලට ලක්විය හැකි බව එම සංගමයේ ලේකම් කසුන් චාමර ජයසේකර ‘අරුණ’ ට ඊයේ පැවැසීය.

මගී ජීවිත අනතුරේ හෙලමින් දුම්රිය බලධාරීන් ගෙන යන මෙම ක්‍රියාකලාපය නවතා ආරක්ෂාකාරී තත්ත්වයක් ඇති නොකරන්නේ නම් ලබන 26 වැනිදා සිට සියලුම රාජකාරිවලින් ඉවත්වීමට තීරණය කර තිබෙන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න සඳහන් කළේය.
දුම්රිය සංඥා දෝෂවලට විසඳුම් ලබානොදීම, අබලන් දුම්රිය ධාවනයට එක්කිරීම, සේවක ගැටලු ආදිය මුල් කරගෙන මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළ බවද ඔහු කියා සිටියේය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *