එළඹෙන උත්සව සමය හේතුවෙන් බස්නාහිර පළාතේ විශේෂ පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා.
ඒ අනුව පොලිස් නිලධාරීන් වැඩි පිරිසක් මේවනවිටත් බස්නාහිර පළාත තුළ විශේෂ රාජකාරි සඳහා යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
රථවාහන හැසිරවීම්, සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීම, කූඨ වෙළෙන්දන්ගේ කටයුතු ඇතුළු ක්‍රියා පාලනය කිරීම සඳහා එම නිලධාරීන් යොදවා ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.