ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ලංකාවට වැඩමවීම, ලංකාවේ මෙහෙණි සසුන ආරම්භ වීම ආදි මෙරට සම්බුද්ධ ශාසනයේ ඉතා වැදගත් ඓතිහාසික සිදුවීම් ගණනාවක් සිදුවූ ශ්‍රී පාද සමය ඇරඹෙන අසිරිමත් උඳුවප් පොහොය දිනය අදයි.

ලෝවැසි බෞද්ධ ජනයාට ඉතා වැදගත් වන ශ්‍රී පාද සමය සෑම වසරකම ආරම්භ වන්නේ ද උඳුවප් පොහෝ දිනයෙන්.

අද වැනි උඳුවප් පෝ දිනෙක දඹදිව සිට සංඝමිත්තා මහ රහත් තෙරණිය විසින් වැඩමවන ලද බෝධි ශාඛාව දේවානම්පියතිස්ස රජු විසින් අනුරාධපුර මහමෙව්නා උයනෙහි පිහිටුවනු ලැබුවා.

අනුලාවන් ඇතුළු සෝවාන් ඵල ලැබ සිටි කාන්තාවන් පිරිසක් පැවිදි බවට පත්කර ලක්දිව මෙහෙණි සස්න පිහිටවනු ලැබුවේද උඳුවප් පුර පෝය දවසකයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *