රැකියා විරහිත උපාධිධාරීන් 51,000 ක් සඳහා ස්ථිර පත්වීම් ලබාදීම ජනවාරි 03 වනදා ආරම්භ කරන බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.
රජයේ සංවර්ධන නිළධාරීන් ලෙස එම පිරිස බඳවා ගන්න බවයි ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කර තිබූ කැබිනට් අනුකාරක සභාවේ සභාපති අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වැඩි දුරටත් සඳහන් කළේ.
වසරක පුහුණුව සම්පූර්ණ කළ 42,500ක පිරිසක් පළමුව ස්ථිර කරන අතර සෙසු පිරිස වසරක පුහුණු කාලය සම්පූර්ණ වීමෙන් පසු ලබන වසරේ අප්‍රේල් පළමු වනදා සේවයේ ස්ථිර කිරීමට නියමිතයි.
ස්ථිර පත්වීම් ලබන රාජ්‍ය සේවකයින් අතරින් 22,000කට පමණ පිරිසකට ගුරු සේවයට එක්වීමේ අවස්ථාව හිමිවනවා.
මෙම රැකියා විරහිත උපාධිධාරීන් පුහුණුව සඳහා බඳවා ගැනීමේ දී, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන කුමන හෝ උපාධි පාඨමාලාවක් හෝ එයට සමාන ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන ඩිප්ලෝමාවක් සඳහා 2020 දෙසැම්බර් 31 දිනට සුදුසුකම් සම්පූර්ණ කර තිබිය යුතු වනවා.