Crime

ජාඇල, තුඩැල්ල දෙහියදාත මාර්ගය අසල සැකකටයුතු ලෙස මියගොස් සිටි තරුණයෙකුගේ සිරුරක් අද (20) අලුයම සොයා ගෙන තිබෙනවා.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ හලාවත මාදම්පේ ප්‍රදේශයේ පදිංචිව සිටි 28 හැවිරිදි පුද්ගලයෙක්.

සිද්ධිය පිළිබඳ විමර්ශනය කරන ජාඇල පොලිසිය සැකපළ කරන්නේ මියගිය පුද්ගලයා බීමතින් යතුරුපැදියකින් පැමිණ සිදුවූ අනතුරකින් බරපතළ තුවාල ලැබීම හේතුවෙන් මෙම මරණය සිදුවන්නට ඇති බවටයි.

අනතුරුව සිදුවන අවස්ථාවේ ඔහු සමඟ තවත් පුද්ගලයෙකු සිට ඇති අතර, ඔහු පිළිබඳ මෙතෙක් තොරතුරු ලැබී නැහැ.

මෙම මරණය සම්බන්ධයෙන් ජාඇල පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වනවා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *