කුමන ආකාරයක බාධක පැමිණියද කුසගින්නේ සිටින සිංහයන් තණකොළ නොබුදින බව සියල්ලන්ම සිහිතබා ගතයුතු බව කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති, නාරාහෙන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් පවසනවා.
ඒ, කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේදී ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් ආනන්ද හිමියන් අතින් උපාධි සහතිකය ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින්.
තමන් වහන්සේ අතින් උපාධි සහතිකය බාර ගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම ඒ දරුවන්ට ඇති අයිතියක් හෙයින් ඒ ගැන අහිතක් නැතැයිද ආනන්ද හිමියෝ සඳහන් කළහ.
කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වීමට බලාපොරොත්තු නොවන බවද උන්වහන්සේ කීහ.
කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය එහි කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණ.
එහිදී යම් සිසුන් පිරිසක් උන්වහන්සේගේ පත්වීම දේශපාලන පත්වීමක් බව පෙන්වා දෙමින් ඊට විරුද්ධත්වය ප්‍රකාශ කිරීම උදෙසා උන්වහන්සේගේ අතින් උපාධිය ලබා ගැනීම ප්‍රතික්ෂේප කරන ලදි.
කිරිසප්පයන්ට අනුකම්පා කිරීම හැර කළ හැකි දෙයක් නොමැති බවයි උන්වහන්සේ පවසන්නේ.
එමෙන්ම තමන්ගෙන් උපාධිය ලබා නොගත් සිසුන් 15දෙනා විශ්ව විද්‍යාලය තුල වැරදි වැඩ වලට සම්බන්ධ පිරිසක් බවත් වෛද්‍ය සිසුන් සියලු දෙනා තමන් වහන්සේගෙන් උපාධිය ලබාගත් බවත් උන්වහන්සේ පවසනවා.
බුදුන්ටත් දෙව්දත් ගල් පෙරලූ බවත් උන්වහන්සේ සිහිපත් කර සිටියා.