දිවයිනේ ප්‍රදේශ කිහිපයක අද (22) දිනයේ විදුලිය විසන්ධි විය හැකි බව ලංකා විදුලිබල අමාත්‍යාංශය නිවේදනය කරනවා.

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ටර්බයිනයක බිදවැටීමක් හේතුවෙන් මෙලෙස විදුලිය විසන්ධි කිරීමක් සිදුවිය හැකි බව අමාත්‍යාංශය පවසනවා.

විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පවසන්නේ එය යථා තත්ත්වයට පත්කර මෙගාවොට් 900ක විදුලි ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට මේ වන විටත් කටයුතු කරමින් සිටින බවයි.

මේ මස මුලදීද බලාගාරයේ ජනන යන්ත්‍ර බිඳවැටීම හේතුවෙන් ඇතිවූ ගැටලුවලට විසඳුම් සෙවීම හා නඩත්තු කටයුතු ද මේ වන විට අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ඔහු වැඩිදුරටත් සදහන් කළා.

ඒ අනුව අද දිනයේ ඇතැම් ප්‍රදේශවලට විනාඩි 30ත් 45ත් අතර කාලයක් විදුලිය විසන්ධි විය හැකි බව සුලක්ෂණ ජයවර්ධන මහතා පවසනවා.

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍ර තුනක් බිඳ වැටීම හේතුවෙන් පසු දෙසැම්බර් 3 වැනි දින දිවයින පුරා පැය කිහිපයක් විදුලිය ඇණහිටීමට ලක්වුණා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *