ශ්‍රී පාද වන්දනාවේ පැමිණි දෙදරු පියෙකු නල්ලතන්නිය පෞද්ගලික රථගාලකදී සිරුරට ගිනි තබාගෙන ඇති බව නල්ලතන්නිය පොලිසිය පවසයි.
අප වාර්තාකරු සඳහන් කළේ, අද (ජනවාරි. 3) අලුයම 3.30ට පමණ ඔහු මෙලෙස තම සිරුරට ගිනි තබා ගෙන ඇති බව ය.
එම පුද්ගලයා ජනවාරි 2 වන දින 36 දෙනෙකුගෙන් සමන්විත වන්දනා නඩයක් සමග බස් රථයකින් ශ්‍රී පාද වන්දනාවට පැමිණ තිබේ.
එම පිරිස ශ්‍රී පාදය කරුණා කරමින් සිටින අතුරතුර අනියම් බිරිද සමග ඇති කරගත් අරවුලකින් උරණ වූ අදාළ පුද්ගලයා ශ්‍රී පාදස්ථානය කරුණා නොකර ආපසු නල්ලතන්නිය වෙත පැමිණ බස් රථයේ ආහාර පිසීම සඳහා තිබූ භුමිතෙල් ගැලුම සිය සිරුරේ හලාගෙන ගිනි තබාගෙන ඇත.
සිරුරට ඇවිලුණු ගින්න නිවී යාමෙන් අනතුරුව ඔහු විසින් තමන් ගිනි තබාගත් බව ත්, තමන්ව රෝහල් ගත කරන ලෙස ත් බස් රථයේ රියැදුරාට පවසා තිබේ.
බස් රථයේ රියැදුරා නල්ලතන්නිය පොලිසියේ නිලධාරින් සමග එක් ව ඔහු මස්කෙළිය ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර තිබේ.
ඉන් අනතුරුව තුවාලකරුගේ තත්ත්වය බරපතළ වීම හේතුවෙන් ඔහු දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් නල්ලතන්නිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කර ගෙන යනු ලබයි.