නියමිත ගාස්තු වලට අමතර ගාස්තු අය කරන බස් රථ වල මාර්ග බලපත්‍ර අහොසි කිරීමට පියවර ගන්නා බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා
නියම කර ඇති බස් ගාස්තු වලට වඩා වැඩියෙන් අය කරන බස්රථ සම්බන්ධයෙන් පැමිණිලි 1955 කෙටි අංකය වෙත දැනුම් දෙන ලෙසත් ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා
ඉන්ධන මිල වැඩිකිරීම හේතුවෙන් ඊයේ (05) සිට බස් ගාස්තු වැඩිකිරීමට පියවර ගනු ලැබුවා.
මෙම ගාස්තු වැඩිවීම සම්බන්ධයෙන් මාධ්‍ය මගින් ප්‍රචාරය කර ඇති බවත් එයට වඩා වැඩි මුදල් අය කරන බස්රථ සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.