ලෝකයේ ඉහළම ආහාර උද්ධමනයක් පවතින රටවල් 15 අතරට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා.

ලෝ ප්‍රකට Trading Economics වෙබ් අඩවියේ දත්ත අනුව එහි ශ්‍රී ලංකාවට හිමිව තිබෙන්නේ 12 වන ස්ථානයයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගියදා නිකුත් කළ නිවේදනය අනුව 2021 දෙසැම්බර් මාසයේ දී මෙරට ආහාර කාණ්ඩයෙහි උද්ධමනය සියයට 21.5 ක් ලෙස වාර්තා කර තිබුණා.

මෙම වාර්තාව අනුව ශ්‍රී ලංකාවට ඉදිරියෙන් සිටින්නේ වෙනිසියුලාව, ලෙබනන්, සුරිනාම්, සිම්බාබ්වේ, ආර්ජන්ටිනාව, තුර්කිය, ඉරානය, සිරියාව, ඉතියෝපියාව, ඇන්ගෝලාව සහ හයිටියයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *