අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ගොනු කර ඇති දෙවන චෝදනාවට අදාළ නඩුව සඳහා අද (ජන. 24) හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට රැගෙනවිත් තිබේ.

මේ වන විට සිර දඬුවම් විඳින රන්ජන් රාමනායක මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගෙන එනු ලැබ ඇත.

ඒ අනුව, ඔහුට එරෙහිව ගොනුකර ඇති දෙවන අපහාස නඩුව අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී සලකා බැලීමට නියමිත ය.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බධයෙන් රන්ජන් රාමනායක මහතා මීට වසරකට පෙර සිරගත කරනු ලැබීය.

2018 වසරේදී එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කළ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මහතා රූපවාහිනී වැඩසටහනකදී සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මෙම නඩුව ගොනු කර ඇත.

By admin

Leave a Reply

Your email address will not be published.