මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් වී වසර 12ක් සපිරෙනවා.

2010 ජනවාරි 24 වනදා රාත්‍රියේ කොළඹ ආසන්න ප්‍රදේශයකදී ඔහුව පැහැරගැනීමකට ලක්වූ අතර මේ දක්වාත් ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ සත්‍යය අනාවරණය කර නැහැ.

ඔහුගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ වසර 12ක් පුරා ප්‍රගීත්ට යුක්තිය ඉටුකරවා ගැනීම සඳහා අඛණ්ඩ අරගලයක නිරත වී සිටිනවා.

මේ අනුව ප්‍රගීත් එක්නැලිගොඩ මහතා නමින් අද පෙරවරුවේ මෝදර කාලි කෝවිලේදී විරදම් පූජාවක් පැවැත්වුවා.

By admin

Leave a Reply

Your email address will not be published.