ඊයේ (30) පැවති ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සමුළුවේදී ජාතික ජ‍නබලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ වාහනයට බිත්තර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සමුළුව ඊයේ පස්වරුවේ කලගෙඩිහේන පෞද්ගලික උත්සව ශාලාවකදී පැවැත්වුණා.

පක්ෂ නායක අනුර කුමාර දිසානායක උත්සව භූමියට යමින් සිටියදී ශාලාවේ ප්‍රධාන දොරටුව අසලදී ඔහුගේ වාහනයට බිත්තර ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අල්ලා ගැනීමට එම පක්ෂයේ පාක්ෂිකයින් කටයුතු කළ අතර පසුව ඔවුන් නිට්ටඹුව පොලිසියට භාරදීමට කටයුතු කළා.

සැකකරුවන් ප්‍රකාශ කර ඇත්තේ ඔවුන් සමඟ 16 දෙනෙකු පමණ පැමිණි බවත් කල්ලියේ සෙසු පිරිස එම ස්ථානයෙන් පලා ගිය බවත්ය.

අත්අඩංගුවට පත් එක් අයෙක් විශ්‍රාමික යුද හමුදා සෙබලෙක් වන අතර ඔහු ඇවන්ට්ගාඩ් සමාගමේ සේවය කළ බවද පැවසෙනවා.

අත්අඩංගුවට ගත් අනෙක් පුද්ගලයා පවසන්නේ මෙම රැළියට බිත්තර ප්‍රහාරයක් එල්ලකිරීම සඳහා තමන්ට රුපියල් 5000 ක මුදලක් ලබාදුන් බවත් තමන්ව එවූ වීරසිංහ නැමැත්තා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ සමීපතමයෙක්ද වන බවත්ය.

ඊට අදාළ දර්ශන පහතින්,

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *