අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ හිඟයකින් තොරව වෙළෙඳපොළට සැපයෙන බව තහවුරු කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය නිර්දේශයන් හා විසඳුම් ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කර තිබෙනවා.

ඒ් අනුව, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ සභාපතීත්වයෙන් යුත් මෙම කමිටුවට අමාත්‍යවරු 6 දෙනෙක් ඇතුළත්කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

මෙම කමිටුවේ සාමාජිකයන් වන්නේ වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර, පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් යන අයයි.

By admin