පසුගිය දා මැර ප්‍රහාරයකට ලක් වූ චමුදිත සමරවික්‍රම මහතාට වහාම ආරක්ෂාව සපයන ලෙස කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය මීට සුළු මොහොතකට පෙර වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ කොට්ඨාසයට නියෝගයක් නිකුත් කරන ලදී.
ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා මහතා ඇතුළු නීතිඥ කණ්ඩායමක් කැස්බෑව මහේස්ත්‍රාත් වෙත කරුණු දැක්වීමෙන් අනතුරුව වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත යටතේ වහාම ඔහුට ජීවිත ආරක්ෂාව සපයන ලෙස මෙම නියෝගය නිකුත් කර ඇත.