අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ගිණුමෙන් යම් අයකු මුදල් ලබාගැනීමේ සිද්ධිය හෙළිදරව් වී ඇත්තේ එම ගිණුම පාවිච්චි කර ප්‍රධාන පෙළේ සාප්පු සංකීර්ණයකින් ලක්ෂ 1 1/2 ක් වටිනා රෙදිපිළි මිලදී ගැනීම නිසා බව වාර්තා වනවා.
සාප්පු සංකීර්ණයේ හිමිකරු ගනුදෙනු මුදල් ලැබීම පිළිබඳ පරීක්ෂා කර බැලීමේදී අග්‍රාමාත්‍යවරයාගේ නම සඳහන් කාඩ් පතකින් මුදල් ගෙවා ඇති බව හෙළි වී ඇත.
අනතුරුව සාප්පු සංකීර්ණය හිමිකරු හා අග්‍රාමාත්‍යවරයා මිතුරන් නිසා ඔහු මේ ගැන අග්‍රාමාත්‍යවරයාගෙන් විමසා ඇති බවත් ඉන්පසු කළ පරීක්ෂණයේදී කෝටි 3කට අධික මුදලක් එම ගිණුමෙන් ලබා ගෙන තිබෙන බවත් අනාවරණය වී ඇතැයි පැවසෙනවා.
මෙලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ගිණුමේන් මුදල් ලබා ගත් බවට චෝදනා එල්ල වුයේ අග්‍රාමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කළ උදිත් ලොකුබන්ඩාරටයි.
මහින්ද රාජපක්ෂ අග්‍ර්‍රාමාත්‍යවරයා සහ ජනාධිපති ලෙස කටයුතු කළ සමයේ ඔහුට ලැබුණු වැටුප් මුදල් අදාළ ගිණුමෙහි තිබී ඇති අතර එම ගිණුමට අදාළ ව නිකුත් කර තිබූ ඒ.ටී.එම් කාඩ් පත තිබී ඇත්තේ, උදිත් ලොකුබණ්ඩාර සතුවයි.
පසුගිය වසර කිහිපය පුරාම මහින්ද රාජපක්ෂ මහතාගේ සමීපයෙහිම සිටි පුද්ගලයා වූයේ උදිත් ලොකුබණ්ඩාර මහතා යි.
විශේෂයෙන් රාජපක්ෂ මහතා විපක්ෂයෙහි සිටි සමයේ දී එය කැපී පෙණුනා.
උදිත් ලොකුබණ්ඩාර මහතා වෙත එවකට අවධානය යොමු වූ සිදුවීමක් වූයේ 2018 වසරේ දිනෙක සාකච්ඡාවක් අවසන් වී පිටතට පැමිණි මහින්ද රාජපක්ෂ මහතා විසින් ලොකු බණ්ඩාර මහතාට “මහ මෝඩ යකෙක් මූ” යනුවෙන් බැණ වැදීම යි.
ඊට අදාළ විඩීයෝව පහතින්
https://www.youtube.com/embed/b6Cwi1B_Wu4
