මෙරට ජනප්‍රිය රැප් ගායකයෙකු වන ‘ෆිල් ටී’ ව පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වෙනවා.

එම ප්‍රදේශයේ පැවැති සිසු සමන්ත්‍රණයක් ආසන්නයේ ඔහු විසින් අශෝභන ආකාරයෙන් හැසිරීම හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.

අසභ්‍ය වචනයෙන් බැන වදිමින් එම ආසන්නයේ සිටි ‍පොලිස් නිලධාරීන්ට බාධා කර ඇති බවටයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ තත්ත්වය පාලනය කිරීම සඳහා සැකකාර ගායකයා පානදුර උතුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුව සැකකාර ගායකයාව පානදුර අතිරේක මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර ඇති අතර එහිදී දැඩි ලෙස අවවාද කර ඇප නියම කර ඇතැයි වැඩිදුරටත් වාර්තා වෙනවා.

By admin