විදුලිය සහ ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කිරීමට පියවර ගන්නා ලෙසට රජයේ ආයතනවලට හා දෙපාර්තමේන්තුවලට අවශ්‍ය උපදෙස් ලබා දෙමින් නව චක්‍රලේඛයක් අද (21) නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.
රටතුළ පවතින විදුලි අර්බුදය සහ ඉන්ධන අර්බුදය සැළකිල්ලට ගනිමින් එම චක්‍රලේඛය නිකුත් කිරීමට පියවර ගන්නා බවයි රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි සඳහන් කළේ.
ඒ අනුව ප්‍රාදේශිය ලේකම් කාර්යාල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ඇතුළු රාජ්‍ය ආයතන සහ දෙපාර්තමේන්තු වෙත අදාළ උපදෙස් ලබාදෙන බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.