මේ දිනවල පැවැත්වෙන පාකිස්ථාන සූපර් ලීග් (PSL) තරඟාවලිය අතර දී බොහෝ දෙනාගේ අවධානය යොමු වූ සිදුවීමක් වාර්තා වුණා.

මේ සිදුවීම වාර්තා වුණේ ලාහෝර් කියූලැන්ඩර්ස් සහ පෙෂාවර් සල්මි අතර ඊයේ (21) පැවැති තරගයේදී.

ලාහෝර් කියූලැන්ඩර්ස් විසින් දෙවන පන්දුවාරය ක්‍රියාත්මක කරමින් සිටින අතරවාරයේ දී පෙෂවාර් සල්මි ක්‍රීඩක හස්රතුල්ලා සසායිගේ උඩපන්දුව ලාහෝර් කියූලැන්ඩර්ස් ක්‍රීඩක කම්රාන් ගුලාම් විසින් අත්හරිනු ලබනවා.

ඉන් පන්දු කිහිපයකට පසුව ලාහෝර් කියූලැන්ඩර්ස් හී වේග පන්දු යවන ක්‍රීඩක හරිස් රවුෆ් විසින් පෙෂාවර් සල්මි ක්‍රීඩක මොහොමඩ් හරිස්ගේ කඩුල්ල දවාගන්න කටයුතු කරනවා.

පසුව සෙසු ක්‍රීඩකයෝ හරිස් රවුෆ්ට සුබ පතන්න එක්වූ අතර හරිස් එම අවස්ථාවේ උඩ පන්දුව අත්හැරි කම්රාන් ගුලාම්ගේ කම්මුලට දැඩි පහරක් එල්ල කරනු ලබනවා.

මෙම සිදුවීම ජාත්‍යන්තර මාධ්‍ය තුළද දැඩි අවධානයක් හිමිකර ගැනීමට සමත්ව තිබුණා.

කෙසේ වෙතත් කම්රාන් ගුලාම් විසින් පසුව ඍජු පහරකින් වහාබ් රියාස්ව දුවද්දී දවා ගන්නට සමත්වුණු අතර එම අවස්ථාවේ නැවත කම්රාන් වෙත පැමිණි හරිස් රවුෆ් ඔහුව වැළඳ ගැනිමටත් පසුව හිසට පහරක් ගැසීමටත් කටයුතු කර තිබුණා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් තරඟ තීරකවරයාගේ ද දැඩි අවධානයට ලක්ව තිබුණු අතර හරිස් රවුෆ්ට දැඩි ලෙස අවවාද කර තිබෙනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ ද හරිස් රවුෆ් වෙත ක්‍රිකට් ලෝලීන්ගෙන් දැඩි දෝෂාරෝපණයක් එල්ල වී තිබුණු ආකාරය ද දැකගත හැකිවුණා.

අදාළ කම්මුලට පහර දෙන අවස්ථාවේ වීඩියෝව පහතින්,

https://www.tiktok.com/embed/v2/7067477451668081947?lang=en-US&referrer=https%3A%2F%2Fcitizen.lk%2Fcms%2Fpage%2Feditpost%3Fid%3D82515

By admin