කොළඹ වරායෙන් පිටත නැංගූරම්ලා ඇති ඩීසල් මෙට්‍රික් ටොන් 37,500ක් රැගත් සිංගප්පූරු සමාගමට අයත් නෞකාවට ඊයේ (22) රාත්‍රියේ ඇමෙරිකානු ඩොලර් මිලියන 35.3 ක මුදලක් ගෙවූ බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව එම ඉන්ධන ගොඩබෑම හැකි ඉක්මනින් ආරම්භ කරන බව බලශක්ති අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.