ඉන්දියාවේ චන්දිගර් හී පැය 36ක් පුරාවට විදුලිය සහ ජල සැපයුම් නතර වී තිබෙනවා.
ඒ විදුලි සේවකයන් විසින් දින තුනක් අඛණ්ඩව ගෙන යන වැඩ වර්ජනයක් හේතුවෙන්.
මෙලෙස විදුලිය අහිමි වී තිබීම නිසා ප්‍රධාන මාර්ගවල ආලෝක සංඥා ද අක්‍රියව පවතින බවයි ඉන්දියානු මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
විදුලිය අක්‍රීයව පවතින නිසා රෝහල්වල කටයුතු අඩාලව පවතින අතර වෛද්‍යවරුන්ට ශල්‍යකර්ම කටයුතුද ප්‍රමාද කිරීමට සිදුව ඇති බව වාර්තා වෙනවා.
එමෙන්ම අධ්‍යාපනය ආයතනයන් ද මේ හේතුවෙන් වසා දමා ඇති බවටත් සඳහන්.
ඊයේ (22) දිනයේ දී චන්දිගාර් බලධාරීන් විසින් අත්‍යාවශ්‍ය සේවා නඩත්තු පනත බලාත්මක කරමින් මාස හයකට විදුලිබල දෙපාර්තමේන්තුවේ වැඩ වර්ජන තහනම් කිරීමක් ද සිදුකර තිබෙනවා.
විදුලි සේවයකයින් මෙම වැඩ වර්ජනය ආරම්භ කර තිබුණේ විදුලිබල දෙපාර්තමේන්තුව පෞද්ගලීකරණය කිරීමට එරෙහිවයි.