නිට්ටඹුව නගරයේ ව්‍යාපාරිකයෙකුට අයිති වත්තක කොස් ගසකින් පොලොස් ගෙඩි හයක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙන් මාර්තු මස 14 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ රදවා තැබීමට අත්තනගල්ල වැඩ බලන මහේස්ත්‍රාත් සිරිපාල ඇම් පතිරණ නියෝග කර තිබෙනවා.


එම ව්‍යාපාරිකයාට අයත් වත්තට හොරෙන් ඇතුල් වී එහි ඇති කොස් ගසකින් පොලොස් ගෙඩි හයක් කඩා ගෙන පැනයාමට උත්සහාගත් අවස්ථාවේදී සැකකරු අල්ලා නිට්ටඹුව පොලීසියට රැගෙන විත් භාරදී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් නිට්ටඹුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

By admin