ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් ජාතික ලැයිස්තු මන්ත්‍රී තිසකුට්ටි ආරච්චි මහතා සිය බිරිදට BMW රථයක් තෑගි දුන් බව Youtube නාළිකාවක් සමඟ පැවති සාකච්ඡාවකදී හෙළිදරව් කරනවා.

එම රථය ගැනීමට මුදල් ලැබුණු ආකාරය පිළිබදව හෙළිදරව් නොකරන මන්ත්‍රිවරයා සඳහන් කරන්නේ තමන් විවිධ ව්‍යාපාර සිදුකරන බවයි.

අදාළ BMW රථය ලීසිං පහසුකම යටතේ ලබාගත් එකක් බවත් එහි අංකය පවා තමන්ට අමතක බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

තමන් BMW රථයක් මිලදී ගැනීම රටේ ජනතාවට ප්‍රශ්නයක් විය නොහැකි බව තිසකුට්ටි ආරච්චි මන්ත්‍රීවරයා මෙම සාකච්ඡාවේදී සදහන් කර සිටිනවා.

By admin