අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ලබන සෙනසුරාදා (05) රාත්‍රී 08 සිට, ඉරිදා පෙරවරු 10.00 දක්වා පැය 14 ක කාලයක් කොළඹ ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක් ක්‍රියාත්මක වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පසනවා.
ඒ අනුව මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ කොළඹ 07 – 08 – 10 – 12 – 13 – 14 සහ 15 යන ප්රදේශවලටයි.
එසේම එම කාලය තුළදී කොළඹ 02 – 03 සහ 11 යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වැඩිදුරටත් නිවේදනය කළේ.