අවස්ථාවක් හිමිවනවා නම් මෙරට පරමාණු බලශක්ති මධ්‍යස්ථාන බලශක්ති මධ්‍යස්ථාන ගොඩනැගීමට පියවර ගන්නා බව කර්මාන්ත අමාත්‍ය එස්. බී. දිසානායක මහතා පවසනවා.
සිය අමාත්‍ය ධුරයේ රාජකාරී ආරම්භ කරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය එස් බී දිසානායක මහතා.
අපේ විදුලිබල ප්‍රශ්නය බේරගන්න පරමාණු බලශක්ති මධ්‍යස්ථාන ලෝකේ ඉඩ දෙනවා නම්. දෙන්නෙ නැහැ ලේසියෙන්. මොකද යුරේනියම්වළින් ප්ලූටෝනියම් අතුරු නිෂ්පාදනයක් හැටියට එනවා. ඒක පරමාණු බෝම්බය නිෂ්පාදනය සඳහා යොදාගන්නවා. නමුත් අපිට තෝරියමුත් තියෙනවා. අපිට ඒකෙන් පරමාණු බලශක්ති මධ්‍යස්ථාන ගොඩනගන්නත් පුළුවන්.
මාධ්‍යවේදියා – ඔබතුමා අධ්‍යාපන පැත්තෙන් අමාත්‍යධුර තමයි දැරුවේ.
අමාත්‍යවරයා – මම ඉල්ලුවේ නෑ, මට දෙන්න හැදුවා. ඕන එකක් මට කමක් නෑ. මගේ අමාත්‍යංශ දෙකක් තියෙනවා මේ රටේ. සමෘද්ධිය කියන්නේ මම හදපු අමාත්‍යංශයක්. ඒකෙ මුල් පිටපත තවම මගේ අතේ තියෙන්නේ. කෘෂිකර්ම ඇමතිවරයා හැටියට මහා පරාක්‍රමභාහුගෙන් පස්සේ මේ රටේ අතිරික්තයකට රටේ වී නිෂ්පාදනය අරන් ගියා.