පවතින ආර්ථික අර්බුදයෙන් ගැලවීමට සියලුම දෙනා එකතු වී කඩිනම් පිළියම් යෙදිය යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.
ඒ අනුවඅද රටේ ඩීසල්, පෙට්‍රල්, කිරි, ගෑස්, බෙහෙත්, විදුලිය නොමැති බවත් එය බංකොලොත් භාවය නොවේදැයි මන්ත්‍රීවරයා සඳහන් කළා.
මහ බැංකුවේ විදේශ වත්කම් සෘණ වී ඇති බවත් මහබැංකුවේ විදේශ වත්කම්වලට වඩා මහබැංකුවේ විදේශ වගකීම් ඩොලර් බිලියන දෙකහමාරකින් වැඩිවී ඇති බවයි ඔහු සඳහන් කළේ.
පක්ෂවලට බෙදී සිටියද අපි සියල්ලන්ම ශ්‍රී ලංකිකයන් බවත් රට බංකොලොත් භාවයෙන් මුදවා ගැනීම සඳහා සියලු දෙනාම එකතුවී කටයුතු කළයුතු බවයි හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.