සිරස මාධ්‍යය ජාලය සිය ප්‍රවෘත්ති විකාශය අතර තුර බැසිල් රාජපක්ෂ මහතා සිරස මාධ්‍යය ජාලයේ සංඛ්‍යාත ලබා ගැනීම සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් නිර්දය ලෙස එම ප්‍රවෘත්ති විකාශය අතර තුර විවේචනය කරන විඩියෝවක් අන්තර්ජාලයට මුදා හැර තිබේ.

එහිදි එම මාධ්‍යය ජාලය බැසිල් රාජපක්ෂ මහතාගේ දූෂණ වංචා පිළිබඳ බරපතල විවේචනයක් ඉදිරිපත් කරණු දක්නට ලැබේ.

අහිංසක ජනතාවගේ සමෘද්ධියෙන් පවා හොරා කෑ ඔබගේ කාලය අවසන් බව තේරුම් ගන්නා ලෙසත් ජනතා එලවා දැමීමට පෙර තමාගේ රටට යන ලෙසත් එම වීඩියෝව මගින් සිරස මාධ්‍යය ජාලය ඉල්ලා සිටී.

By admin