ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා තම රාජකාරි වාහන සහ නිල නිවාසය අද (14) දිනයේ අමාත්‍යාංශ ලේකම්වරයාට භාර දී ඇතැයි වාර්තා වේ.
තමා අමාත්‍ය මණ්ඩලයේ රැස්වීම් වර්ජනය කිරීමත් අමාත්‍යාංශයේ රාජකාරිවලින් ඉවත්වීමත් හේතුවෙන් තවදුරටත් වාහන හා අනෙක් පහසුකම් ලබාගැනීම සදාචාර නොවන බැවින් මෙම තීරණයට එළඹි බව අමාත්‍යවරයා සඳහන් කරයි.
ඉදිරියට තමාගේ පවුලේ සහෝදරයෙකුගෙන් ලබාගන්නා පෞද්ගලික රථයක් භාවිත කිරීමට නියමිත බව ඔහු පවසයි.
තමා අමාත්‍යාංශයේ රාජකාරී කටයුතුවලින් ඉවත්ව සිටිය ද මහ ජනතාව වෙනුවෙන් කළ යුතු කාර්යයන් සඳහා තවදුරට ත් පෙනී සිටින බව ද අමාත්‍ය ධූරයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.