බැසිල් රාජපක්ෂ මහතා පොහොට්ටුවට පැමිණීම හරියට වේයො හදපු තුඹසට පොළඟෙකු රිංගුවා හා සමාන ක්‍රියාවකැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා.

පොහොට්ටුව හැදුවේ විමල් උදය ඇතුළු පිරිස මිසක් බැසිල් රාජපක්ෂ නොවන බවත් ඔහු මෙරටට පැමිණියේ එම පක්ෂය ලියාපදිංචි කිරීමට පමණක් බවත් මන්ත්‍රීවරයා කීවේය.

පොහොට්ටුව සෑදීමට මුල් වුණේ වෙනත් පිරිසක් බව ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

වත්මන් ආණ්ඩුව ජනතාවට ලබාදුන් පොරොන්දු කිසිවක් ඉටුකර නොමැති බව ඔහු මෙහිදී කියා සිටියා.

ජනාධිපති රූකඩයක් බවත් රූකඩය නටවන කොරා බැසිල් රාජපක්ෂ බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පතෝල බවත් ඒ මහතා මෙහිදී මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියා

By admin